වෙබ් පිටු

Computer Programming
by dasunmendis

Wednesday, July 6, 2011

හැදින්වීම ....

පරිගණක වැඩසටහන් නිර්මාණකරණය (Programming)


Programming කියන්නේ සරලව නම්, යම් කිසි කාර්යයක් කුඩා පියවර වලට කඩා ක්‍රියාත්මක කිරීමක් කියලයි මම නම් හිතන්නේ. මෙම  ක්‍රියාවලිය සාර්ථක කරගැනීමෙහිලා පරිගණකයේ පැහැදිලි ක්‍රියාකාරිත්වය, වැඩසටහන් නිෂ්පාදකවරයාගේ කාර්යක්‍ෂමතාවය හා ඔහුගේ දැනුම  සහ කාලය ඉතාමත් වැදගත් සාධක බවට පත් වෙනවා.

Program එකක් ලියන්නේ Programming Language එකක් භාවිතා කරලා. හැබැයි මෙතැනදි Keywords සමහරකුත් භාවිතා කරනවා. මේවා ලියන භාෂාවන් නම් හුගක් තියෙනවා. ඒවා එකිනෙකක් ගැන වෙන වෙනම පසුව අපි ඉගෙන ගනිමු. 

මෙහි එන ලිපි පෙළ මගින් Programming Concepts සහ Methods පිලිබදව තමයි වැඩිපුර කතා කරන්න යන්නේ. එක එකක් ගැන නෙමෙයි, ගොඩක් ඒවා ගැන ......

Programming ගැන දන්නා / නොදන්නා ඕනෑම කෙනෙකුට තේරැම් ගන්න පුළුවන් විදියට තමයි ලිපි පෙළ ඉදිරිපත් කරන්නේ ..... 

මෙහි පළවන ලිපි පිලිබද ඔබගේ අදහස් / උදහස් (comments) පළ කරීමට ඔබ කාරැණික වනවා නම් එය අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියේදී වඩාත් සාර්ථක ලෙස ඔබ වෙත සම්ප්‍රාප්ත වීමට මහත් පිටුවහලක් වනු ඇත.

මෙම කාර්ය්‍යය සාර්ථක කර ගැනීමෙහිලා මට සහාය දුන් මිතුරැ මිතුරියන්ට මගේ හෘදය්‍යංගම ස්තුතිය පුද කරනු කැමැත්තෙමි ......

No comments:

Post a Comment