වෙබ් පිටු

Computer Programming
by dasunmendis

Wednesday, July 6, 2011

හැදින්වීම ....

පරිගණක වැඩසටහන් නිර්මාණකරණය (Programming)


Programming කියන්නේ සරලව නම්, යම් කිසි කාර්යයක් කුඩා පියවර වලට කඩා ක්‍රියාත්මක කිරීමක් කියලයි මම නම් හිතන්නේ. මෙම  ක්‍රියාවලිය සාර්ථක කරගැනීමෙහිලා පරිගණකයේ පැහැදිලි ක්‍රියාකාරිත්වය, වැඩසටහන් නිෂ්පාදකවරයාගේ කාර්යක්‍ෂමතාවය හා ඔහුගේ දැනුම  සහ කාලය ඉතාමත් වැදගත් සාධක බවට පත් වෙනවා.

Program එකක් ලියන්නේ Programming Language එකක් භාවිතා කරලා. හැබැයි මෙතැනදි Keywords සමහරකුත් භාවිතා කරනවා. මේවා ලියන භාෂාවන් නම් හුගක් තියෙනවා. ඒවා එකිනෙකක් ගැන වෙන වෙනම පසුව අපි ඉගෙන ගනිමු. 

මෙහි එන ලිපි පෙළ මගින් Programming Concepts සහ Methods පිලිබදව තමයි වැඩිපුර කතා කරන්න යන්නේ. එක එකක් ගැන නෙමෙයි, ගොඩක් ඒවා ගැන ......

Programming ගැන දන්නා / නොදන්නා ඕනෑම කෙනෙකුට තේරැම් ගන්න පුළුවන් විදියට තමයි ලිපි පෙළ ඉදිරිපත් කරන්නේ ..... 

මෙහි පළවන ලිපි පිලිබද ඔබගේ අදහස් / උදහස් (comments) පළ කරීමට ඔබ කාරැණික වනවා නම් එය අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියේදී වඩාත් සාර්ථක ලෙස ඔබ වෙත සම්ප්‍රාප්ත වීමට මහත් පිටුවහලක් වනු ඇත.

මෙම කාර්ය්‍යය සාර්ථක කර ගැනීමෙහිලා මට සහාය දුන් මිතුරැ මිතුරියන්ට මගේ හෘදය්‍යංගම ස්තුතිය පුද කරනු කැමැත්තෙමි ......

Monday, June 27, 2011

අපේ සොදුරැ ආරම්භය

පරිගණකකරණය යන්න ඇසෙන විටම ඔබට මතක් වන්නේ පරිගණක පාඨමාලාවක / ආයතනයක (BIT / SLIIT) නමක් හෝ පරිගණක භාෂාවක (Java / C#) නමක් නේද ?????

ගණන් ගන්න එපා ......
ඕක තමයි trend එක .... අපිත් ඒකට හැඩ ගැහෙන්න ඕනේ ..... එහෙම නැතුව අපිටත් ලොකු ගමනක් යන්න බැරි වෙනවා, අපිත් ලිදේ ඉන්න මැඩියෝ වගේ වෙනවා ......
 ************
ඔය ලොකු ලොකු ඒවා ගැන නම් වැඩිය මම දන්නෙත් නැහැ .....
ඒවා ගැන නම් ඔය ඕන තරම් යනවනේ

මම නම් පොඩියෙන් පටන් අරං ටික ටික ඉස්සරහට ආවේ .....
පටන් ගත්තු තැන ගැන කෙටියෙන් කියලා ඉන්නම් ......

Higher National Diploma in Information Technology
උසස් ජාතික තොරතුරැ තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව
උසස් තාක්ෂණික ආයතනය
ලබුදූව

මම ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ
වැඩි දුර විස්තර ඕනෑ කෙනෙක් ඉන්නවානම් යන්න මෙතනට HNDIT බලන්න

Friday, June 17, 2011

Cyber ඉගෙනුම වෙත පිවිසුනු ඔබව සාදරයෙන් පිළිගන්නෙමි .....

පරිගණකකරණය පිළිබදව සැලකිළිමත් වන, පරිගණකකරණය හදාරන සියලු දෙනා හට මෙම blog පිටුව ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.
මෙහිදී මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඕනෑම දැනුම මට්ටමක අයෙකුට වැදගත් වන කරැණුය.
මෙහි පලවන posts පිළිබදව ඔබගේ comments ඉදිරිපත් කිරීම හෘදයාංගවම අගය කරමි.